Hirunews Logo
%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A.
Sunday, 12 August 2012 - 12:56
බදුල්ල රෝහල විරෝධතාවකට පොලිසියෙන් කඳුළු ගෑස්.
18

Shares
2,202

Views

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කණිෂ්ඨ සේවකයන් එම රෝහල ඉදිරිපිට අද (12) පෙරවරුවේ පැවැත්වූ විරෝධතාවයක් පොලිසිය විසින් විසුරුවා හරිනු ලැබුවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ ඊයේ (11) පස්වරුවේ රෝහල ඉදිරිපිටින් දිවෙන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රෝහල් කණිෂ්ඨ සේවකයෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින්. විරෝධතාවයේ නිරත වූවන් බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර, ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා මතුවුණා. ඉන් අනතුරුවයි පොලිසිය කඳුළු ගෑස් උපයෝගී කරගනිමින් මෙම විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගනු ලැබුවේ. පසුව විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුමක්ද හටගත් අතර, ඉන් තුවාල ලැබූ බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.



කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ මෙම විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයට මැදිවීමෙන් බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි. මෙම කඳුළු ගෑස් ප්‍රහාරයත් සමග රෝහලේ එක් වාට්ටුවක් වසා දැමීමටද සිදුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින් සොයිසා සඳහන් කළා.   

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
731 Views
3,220 Views
3,741 Views
5,438 Views
16,966 Views
57,009 Views
Top