Hirunews Logo
%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%9D+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Sunday, 12 August 2012 - 12:58
ටෙසෝ සමුළුව ඇරඹෙයි - දේශ හිතෛෂීන්ගෙන් කොළඹ විරෝධයක්.
12

Shares
1,466

Views

තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධි විසින් කැඳවා තිබෙන ටෙසෝ හෙවත් දෙමළ ඊලාම් සහයෝගීතා සංවිධානයේ සමුළුවේ පළමු අදියර මේ වනවිට ආරම්භ වී තිබෙනවා. චෙන්නායි හි අකෝඩි සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සමුළුවේ පළමු අදියර ආරම්භ වී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. මෙම සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේ චෙන්නායි රායපේටෙයි ශාලාවේදීයි. එහෙත් ඊයේ දිනයේ චෙන්නායි පොලිස් ප්‍රධානියා විසින් ටෙසෝ සමුළුව එම ස්ථානයේ පැවැත්වීමට එරෙහිව චෙන්නායි මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කළා. එහිදී මහාධිකරණය තීන්දු කළේ ඊට එරෙහිව පියවර ගැනීමේ බලය පොලිසිය වෙත පැවරීමටයි. රායපේටෙයි ශාලාවේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ටෙසෝ සමුළුව එම ස්ථානයේ පැවැත්වීමට ඉඩදිය නොහැකි බවයි චෙන්නායි පොලිස් ප්‍රධානියා තීරණය කළේ.

ඒ අනුව අකෝඩි සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ටෙසෝ සමුළුවේ පළමු අදියරට එක්වෙමින් අදහස් දැක්වු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තවේල් කරුණානිධි සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට සිය පක්ෂය ශක්තිමත්ව මැදිහත් වන බවයි. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරන බවද කරුණානිධි ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, දැන් පැවැත්වෙන සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් දෙදෙනෙකු සහභාගී වී ඇති බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් සඳහන් කළේ. ඔවුන් කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු කියා සිටියා.
 

මේ අතර, ටෙසෝ සමුළුවට විරෝධය පළ කරමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය   කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවස ඉදිරිපිට අද (12) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. එහිදී ඔවුන් තමිල්නාඩු විපක්ෂ නායක එම්.කරුණානිධිගේ  අනුරුවකටද ගිනි තබා තිබෙනවා. විරෝධතාවයට එක්වෙමින් අදහස් දැක්වු දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන බවට පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන ලෙසයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,577 Views
3,685 Views
2,678 Views
2,291 Views
2,501 Views
47,995 Views
Top