Hirunews Logo
%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+220+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Sunday, 12 August 2012 - 13:27
ඉරානයේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 220 ක් දක්වා ඉහළට.
3

Shares
457

Views

ඉරානයේ ඊයේ (11) සිදුවූ භූ කම්පන දෙකකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට පුද්ගලයින් 1500 ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  වයඹ දිග ඉරානයේ තබ්රීස් සහ අහාර් ප්‍රදේශවලට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට රජය ප්‍රකාශ කළා. රික්ටර් පරිමාණයේ 6 දශම 4 ක් ලෙස පළමු භූ කම්පනය සටහන් වූ අතර දෙවැනි භූ කම්පනය සටහන් වී ඇත්තේ 6 දශම 3 ක අගයකින්. විනාඩි  දහයක කාලයක් තුළ භූ කම්පන දෙකම සිදුවී ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,526 Views
3,638 Views
2,673 Views
2,260 Views
2,440 Views
47,958 Views
Top