ඇමරිකාවෙන් ඉරානයට යළි චෝදනා.
2012 අගෝස්තු 15 බදාදා- පස්වරු 12:45
සිරියාව තුළ ආණ්ඩුවට හිතවාදී කැරලිකාරී කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඉරානය උත්සාහයක නිරත වන බවට ඇමරිකාව චෝදනා කරනවා. ඉරානය සහ සිරියාව ඉතා කිට්ටු ඇසුරක් පවතින රටවල් දෙකක් බවත්, දෙරටම හිස්බුල්ලා කැරලිකරුවන්ට උදව් කරන බවත්, ඇමරිකාව ප‍්‍රකාශ කළා. පසුගිය මාස 17 ඇතුළත සිරියාවේ ඇතිවු ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 23,000 ක්. ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉරානයට චෝදනා කරමින් කියා සිටියේ ඔවුන් සිරියාව තුළ විශාල පෙරලියක් ඇති කරන බවයි. ඒ සඳහා සාක්ෂි පවතින බවද ඔහු පවසනවා.
