Last Updated : 01/09/2014 - 12:06 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
3
shares
467
Views
බදුල්ලේ සෙවිළි තහඩු නැගෙනහිරට ගෙනයාම ඇමති ඩිලාන් නවතයි. 
Friday, 17 August 2012 - 12:33 | Download hirunews app on Android & Apple
Share this article

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාවට බෙදාදීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත‍්‍රික් කාර්යාලයේ ගබඩා කර තිබූ සෙවිලි තහඩු තොගයක් ති‍්‍රකුණාමලයට රැුගෙනයාමට දැරූ උත්සාහයක් විදේශ රැුකියා ප‍්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් අද (17) වලක්වනු ලැබුවා. මෙම සෙවිලි තහඩු තොගය හදිසියේම ති‍්‍රකුණාමලයට ප‍්‍රවාහනය කිරීම සඳහා වාහනයට පටවමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුණු අමාත්‍යවරයා එම සෙවිළි තහඩු තොගය යලි බිමට බෑමට කටයුතු කරන ලෙස නියෝග කළා. නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ උපදෙස් මත මෙම සෙවිළි තහඩු තොගය ති‍්‍රකුණාමලය වෙත රැුගෙන යාමට උත්සාහ කරන්නේ ජාතික නිදහස් පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන්  බවයි අමාත්‍ය ඩිලාන් පෙරේරා එහිදී සඳහන් කළේ.


නිවාස සංවර්ධන අධිකාරියට එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමක් කළා එහි ප‍්‍රචාරක කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරි ධර්මශ‍්‍රී කාරියවසම්ගෙන්. එහිදී ඔහු සඳහන් කළේ මෙම සෙවිළි තහඩු සුනාමියෙන් අවතැන්වූවන් සඳහා බෙදාදීම සඳහා ලැබුණු ඒවා බවයි. ත‍්‍රිකුණාමලයේ දිස්ත‍්‍රික් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සෙවිළි තහඩු තොගය එම ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බව ද ඔහු සඳහන් කළා.



Add/ View comments
  467 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Monday, 01 September 2014 - 8:37
වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණියකගෙන් පහරකෑ තරුණයා  රක්ෂිත ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     406  Views  
Share
 2,272  Views   |

Share
 21,634  Views   |
සෞඛ්‍ය වර්ජකයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් පමාවීම.

Previous Articles
Share
 29,230  Views   |
Share
 20,260  Views   |
Share
 30,206  Views   |