Hirunews Logo
%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.
Friday, 17 August 2012 - 12:33
බදුල්ලේ සෙවිළි තහඩු නැගෙනහිරට ගෙනයාම ඇමති ඩිලාන් නවතයි.
12

Shares
1,499

Views

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ගබඩා කර තිබූ සෙවිලි තහඩු තොගයක් ත්‍රිකුණාමලයට රැගෙනයාමට දැරූ උත්සාහයක් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් අද (17) වලක්වනු ලැබුවා. මෙම සෙවිලි තහඩු තොගය හදිසියේම ත්‍රිකුණාමලයට ප්‍රවාහනය කිරීම සඳහා වාහනයට පටවමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුණු අමාත්‍යවරයා එම සෙවිළි තහඩු තොගය යලි බිමට බෑමට කටයුතු කරන ලෙස නියෝග කළා. නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ උපදෙස් මත මෙම සෙවිළි තහඩු තොගය ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමට උත්සාහ කරන්නේ ජාතික නිදහස් පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන්  බවයි අමාත්‍ය ඩිලාන් පෙරේරා එහිදී සඳහන් කළේ.

rn


නිවාස සංවර්ධන අධිකාරියට එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා එහි ප්‍රචාරක කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරි ධර්මශ්‍රී කාරියවසම්ගෙන්. එහිදී ඔහු සඳහන් කළේ මෙම සෙවිළි තහඩු සුනාමියෙන් අවතැන්වූවන් සඳහා බෙදාදීම සඳහා ලැබුණු ඒවා බවයි. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සෙවිළි තහඩු තොගය එම ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බව ද ඔහු සඳහන් කළා.

rn

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
176 Views
2,620 Views
3,650 Views
5,185 Views
15,886 Views
56,278 Views
Top