රන් මිල පහළට.
2012 අගෝස්තු 17 සිකුරාදා- පස්වරු 12:52
ලෝක වෙළඳපොලේ රන් සඳහා වන ඉල්ලූම දැන් වසර දෙකකින් අඩුම අගයට පත්වී තිබෙනවා. ලෝකයේ ප‍්‍රධානතම රන් මිලදී ගන්නන් වන ඉන්දියාවෙන් සහ චීනයෙන් ලැබෙන ඉල්ලූම පහත වැටීම ඊට ප‍්‍රධාන හේතුවයි. මහබැංකු මගින් රන් සඳහා කරන ඇණවුම් මෙම තත්්ත්වය සමනය කිරීමට සමත්වී නැහැ. ලෝක වෙළඳපොලේ රන් සඳහා වන වාර්ෂික ඉල්ලූම මේ වසරේ දෙවන කාර්තුවේදී ටොන් 990 දක්වා සියයට 7 කින් පහළ වැටී තිබෙනවා. එය ඩොලර් බිලියන 51 යි දශම 2 ක් වටිනා රන් තොගයක් සැලකිය හැකියි. මීට වසරකට පෙර රන් මිල දැන් පවතින මට්ටමට වඩා සියයට 7 ක් පමණ ඉහළ මිලකින් පැවතුණා. ස්වර්ණාභරණ, ආයෝජන සහ තාක්ෂණ අංශ වලින් පවතින ඉල්ලූම පහත වැටීම ද ලෝක වෙළඳපොලේ රන් මිල අඩුවීමට හේතුවක්. මෙහිදී, ලෝක වෙළඳපොලේ රන් සඳහා චීනයේ ඉල්ලූම සියයට 7 කින් පහත වැටී ඇති අතර ඉන්දියාවේ ඉල්ලූම සියයට 38 කින් පහත වැටී තිබෙනවා. එමෙන්ම රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ඉන්දියාවේ රන් මිල ග්රැම් 10කට රුපියල් 30,000 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
