ඉරානය, ඊශ‍්‍රායලට අනතුරු අඟවයි.
2012 අගෝස්තු 18 සෙනසුරාදා- පෙරවරු 08:10
ලෙබනනයට හෝ ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කළහොත් දරුණු ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඞ් සහ හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා ඊශ‍්‍රායලයට අනතුරු අගවනවා. බේරුට් නුවර දී රූපවාහිනිය ඔස්සේ ප‍්‍රකාශයක් කළ නස්රල්ලා ඊයේ ප‍්‍රකාශ කළේ එවැනි අවස්ථාවකදී සිය සටන්කාමීන් ඊශ‍්‍රායලය මිහිපිට අපායක් බවට පත් කරනු ඇති බවයි. එමෙන්ම එවැනි ගැටුමකින් ජීවිත දස දහස් ගණනක් අහිමි විය හැකි බවට ද ඔහු අනතුරු ඇගවීමක් කළා. ඊශ‍්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ දී ද එවැනි ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු විය යුතු බවයි හිස්බුල්ලා නායකයා කියා සිටියේ. එමෙන්ම එවැනි ප‍්‍රකෝපකාරී ප‍්‍රහාරයකින් 1979 වසරේ ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටවනු ලැබූ දා පටන් එය සිහින මැවූ අවස්ථාවක් උදාකර දෙන බවයි ඔහු සඳහන් කළේ. මේ අතර, ටෙහෙරාන් නුවර සිට ප‍්‍රකාශයක් කළ ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඞ් ප‍්‍රකාශ කළේ ඊශ‍්‍රායලය මැදපෙරදිග පිළිකා ෙසෙලයක් බවයි. මැදපෙරදිග සිතියමේ සියොන්වාදීන්ගේ හෝ ඇමරිකානුවන්ගේ බලකේන්ද්‍රයක් ඉතිහාසයේ පටන් නොපැවැති බවත්, ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළා.
