පතල් ගැටුම ගැන සොයන්න දකුණු අප‍්‍රිකානු ජනාධිපති කොමිසමක් පත් කරයි.
2012 අගෝස්තු 18 සෙනසුරාදා- පෙරවරු 10:20
පතල් කම්කරුවන් 34 දෙනෙකුට මරු කැඳවමින් තවත් 78 දෙනෙකුට තුවාල සිදුකරමින් පසුගිය බ‍්‍රහස්පතින්දා ඊසාන දිග දකුණු අප‍්‍රිකාවේ ප්ලැටිනම් ආකාරයක සිදුවූ ගැටුම පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති ජේකොබ් සුමා විසින් පරීක්ෂණ කොමිසමක් පත් කර තිබෙනවා. දකුණු අප‍්‍රිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මෙම සිද්ධියෙන් තමන් දැඩි කම්පාවට පත්වුණු බවයි. තුන් ගුණයක වැඩි වැටුප් ඉල්ලා පතල් කම්කරුවන් දියත් කළ වර්ජනය නැවැත්වීම සඳහා පොලීසිය මැදිහත්වීමත් සමගයි මරිකානා ප්ලැටිනම් ආකරයේ මෙම ගැටුම ඇතිවූයේ. පොලීසිය කියා සිටියේ වර්ජකයන් වෙතින් තමන්ට එල්ලවූ ප‍්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා බලය යෙදවීමට සිදුවූ බවයි.
