Hirunews Logo
%E0%B6%B8%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A.
Saturday, 18 August 2012 - 18:42
මව, පියා සහ දියණියගේ මළ සිරුරු වැල්ලවත්තේ නිවසක.
21

Shares
2,557

Views

වැල්ලවත්ත - රාමක්‍රිෂ්ණ ටෙරස් ප්‍රදේශයේ නිවසක තිබී එකම පවුලේ මව, පියා සහ දියණියගේ බවට සැක කෙරෙන මළ සිරුරු 03 ක් පොලිසිය අද (18) දහවල් සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේ මොවුන් මීට දින කිහිපයකට පෙර මරණයට පත්ව ඇති බවයි. මියගිය මව, පියා සහ දියණිය හැටන් - කොටගල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් බවද හඳුනාගෙන තිබෙනවා. මියගිය මවගේ වයස අවුරුදු 58 ක් වන අතර, පියාගේ වයස අවුරුදු 60 ක්. දියණියගේ වයස අවුරුදු 23 ක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. මෙම පිරිස තාවකාලික පදිංචිය සඳහා වැල්ලවත්තට කැඳවාගෙන පැමිණ ඇත්තේ එම පවුලේ පුත්‍රයා විසින් බවට තොරතුරු ඇතැයි හැටන් හිරු වාර්තාකරු සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වැල්ලවත්ත පොලිස් ස්ථානයට මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා.



මේ අතර, කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ මව සහ දියණියගේ ද්විත්ව ඝාතනය සිදුවී අදට මාසයක් ගතවනවා. පසුගිය ජුලි 19 වැනිදා සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. එදින ඝාතනය කර තිබුණේ වයස අවුරුදු   63 ක් වන මව සහ 32 හැවිරිදි දියණියක්. අනතුරුව ඔවුන් ජීවත් වූ නිවසටද ඝාතකයන් ගිනි තැබුවා. ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය අද (18) රත්නපුර කහවත්ත නගරයේදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා. එහිදී අදහස් දැක්වු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල කියා සිටියේ සිද්ධියට සම්බන්ධ ඝාතකයන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු සම්පාදනය කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.  



මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබඳවද හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,292 Views
3,391 Views
2,662 Views
2,120 Views
2,130 Views
47,748 Views
Top