Hirunews Logo
%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
Sunday, 19 August 2012 - 7:22
රාමසාන් අදයි.
10

Shares
1,285

Views

ඉස්ලාම් බැතිමතුන් අද (19) රාමසාන් උත්සවය සමරනවා. ඊයේ ඔවුන් නව සඳ නිරීක්ෂණය කළ අතර, ඉස්ලාම් චාරිත්‍ර අනුව සව්වාල් මාසයේ රාමසාන් සඳ දැකීමෙන් අනතුරුවයි මෙලෙස රාමසාන් උත්සවය අද සැමරෙන්නේ. ඒ පිළිබඳව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මාතෘ භූමිය කරගත් සියලූ ජනතාවට අද සමගියෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය වී ඇති බවයි. අද දිනය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මුස්ලිම් ප්‍රජාව සතුවූ දායකත්වය සිහිපත් කෙරෙන අවස්ථාවක් බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

රටේ සාමය සහ සහජීවනය නිර්මාණය වී ඇති මොහොතක ඉස්ලාම් බැතිමතුන්ටද විශාල වගකීමක් පැවරී ඇතැයි අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න සිය රාමසාන් පණිවුඩයෙන් සඳහන් කරනවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ අද දිනය මෛත්‍රීය, කරුණාව, සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමටද ඉවහල් වන දිනයක් බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
547 Views
2,994 Views
3,707 Views
5,335 Views
16,556 Views
56,715 Views
Top