Last Updated : 22/12/2014 - 08:21 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
කපිලවස්තු සර්වඥ ධාතුන් අද දිවයිනට. 
Sunday, 19 August 2012 - 7:24 | Download hirunews app on Android & Apple
18 shares
2,236 views

ඉන්දියාවේ - කපිලවස්තුපුර තැන්පත් කර ඇති ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේලා අද (19) පෙරවරුවේ ශී‍්‍ර ලංකාවට වැඩම කරවනු ලබනවා. එම ධාතූන් වහන්සේලා සැප්තැම්බර් 04වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේ පළාත් 07 ක ප‍්‍රදර්ශනය කරන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ධාතූන් වහන්සේලා මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පිළිගැනීමට නියමිතව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි වසර 34 කට පසු මෙම සර්වඥ ධාතූන් වහන්සේලා දිවයිනට වැඩම කරවන්නේ. 1978 වසරේදීද, කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා ශී‍්‍ර ලංකාවට වැඩම කරවනු ලැබුවා.

මේ අතර, මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ශී‍්‍ර ලංකාවට වැඩම කරවීමට විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ ඇතැම් දේශපාලන පක්ෂ විවිධ විරෝධතා දක්වා තිබෙනවා. වයිකෝගේ එම්.ඞී.එම්.කේ. පක්ෂ කි‍්‍රයාකාරීන් සහ ඊලාම් හිතවාදීන් ඊට ප‍්‍රධානත්වය ගෙන ඇති බව සඳහන්. කෙසේ වෙතත්, ඉන්දීය මධ්‍යම රජය ප‍්‍රකාශ කර ඇත්තේ ධාතූන් වහන්සේලා ශී‍්‍ර ලංකාවට වැඩම කරවීම ඉන්දු - ශී‍්‍ර ලංකා දිගුකාලීන බැඳීම තවදුරටත් තහවුරු කරන්නක් බවයි. මෙමගින් එය තවත් ශක්තිමත් වන බවද ඉන්දීය රජය අවධාරණය කර තිබෙනවා.

දඹදිව අශෝක අධිරාජ්‍යයාගේ කාලයට අයත් යැයි සැලකෙන කපිලවස්තු ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේලා එම නමින් හැඳින්වීම පිටුපසද ඵෙතිහාසික කතා පුවතක් පවතිනවා. කුසිනාරා නුවර - උපවත්තන සල් උයනේදී බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව උන්වහන්සේගේ ශී‍්‍ර දේහය ආදාහනය කර ශේෂ වූ ධාතූන් වහන්සේලා බෙදා ගැනීම දඹදිව රජවරුන්ට බරපතල ගැටළුවක් වුණා. ඔවුන් යුද්ධයකටද සූදානම් වූ අතර, එම ස්ථානයට පැමිණි ද්‍රෝණ බ‍්‍රාහ්මණයා ඔවුන්ට කරුණු පහදා දී එම ධාතූන් වහන්සේලා අට කොටසකට බෙදා දුන්නා. එම අට කොටසින් බුදුන් උපන් කිඹුල්වත්පුරය හෙවත් කපිලවස්තු පුරයේ ශාක්‍යයන්ට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා කපිලවස්තුපුර සර්වඥ ධාතූන් ලෙසින් පසුකලෙක හඳුන්වනු ලැබුවා. මෙම ධාතූන් වහන්සේලා ප‍්‍රථම වරට සොයාගනු ලැබුවේ මීට වසර 113 කට ඉහතදීයි. අද කපිලවස්තු පුරය බිහාර් ප‍්‍රදේශය ලෙස හැඳින්වෙනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Monday, 22 December 2014 - 7:53
අයහපත් කාලගුණය හේතුවෙන් ඇඹිලිපිටිය - මහපැලැස්ස මාර්ගයේ හුලන්දාව ඔය ගලා බසින සපත්තු ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     808  Views  
Share
 2,251  Views   |

Share
 33,199  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,815  Views   |
Share
 36,779  Views   |