ඉන්දියාවෙන් පාකිස්තානයට චෝදනා.
2012 අගෝස්තු 19 ඉරිදා- පස්වරු 07:14
ඇසෑම් ප‍්‍රාන්තයේ ගැටුම් පවතින බවට චෙන්නායි ඇතුළු ප‍්‍රදේශ රැුසක කට කතා පැතිර යාම සම්බන්ධයෙන් ඉන්දියාව, පාකිස්තානයට චෝදනා කරනවා. මෙම කි‍්‍රයාව පාකිස්තානය විසින් සිදුකරන්නට ඇති බවයි ඔවුන් අනුමාන කරන්නේ. ඇසෑම් ප‍්‍රාන්තයේ ගැටුම් පවතින බවට පසුගිය සිකුරාදා පැතිර ගිය කට කතා හේතුවෙන් බැංග්ලෝර්, චෙන්නායි සහ පූනෙයි ප‍්‍රාන්තවල සිට ශ‍්‍රමිකයන් ලක්ෂ ගණනක් එම ප‍්‍රදේශ අතහැර ගියා. ඇසෑම් ප‍්‍රාන්තයේ දැනට මුස්ලිම් ගැටුමක් ද පවතිනවා. පසුගිය කාලයේ පැවැති ගැටුම්වලින් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
