භාවිතයට නොගන්නා මහවැලි ගොඩනැගිලි පවරා ගන්නවා. ඇමති නිමල් සිරිපාල.
2012 අගෝස්තු 20 සඳුදා- පෙරවරු 10:04
දැනට භාවිතයට නොගෙන ඇති සියලූ මහවැලි ගොඩනැගිලි මහවැලි අධිකාරියට පවරා ගන්නා ලෙස වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නියෝග කර තිබෙනවා. මහවැලි අධිකාරියට අයත් වෙනත් රජයේ ආයතනවලට ලබාදෙන ලද ගොඩනැගිලි රැුසක් මේ වන විට භාවිතයට නොගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ පිළිබද සලකා බැලීමෙන් පසු අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ සමූපකාරවලට ලබාදී ඇති මහවැලි ගොඩනැගිලි ගොවි සංවිධානවලට ලබාදෙන ලෙසටයි. එමෙන්ම අනෙක් ගොඩනැගිලි ඉල්ලූම් කරනු ලබන වෙනත් රජයේ ආයතනවලට හෝ පෞද්ගලික අංශයට ලබාදෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර, කාලයක් තිස්සේ මහවැලි ඉඩම්වල අනවසරෙන් රැුදී සිටින ගොවීන්ට ඒවායේ හිමිකම නීත්‍යානුකූලව ලබාදීම කෙරෙහි ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අවධානය යොමු වී තිබෙනවා. මහවැලි සී කලාපයේ අධිකාරියට අයත් ඉඩම්වල අනවසර රැදී සිටින ගොවීන්ට එම ඉඩම්වල අයිතිය ඔක්තෝම්බර් මාසයට පෙර ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. දැනට ගොවීන් අතර බෙදා දීම සඳහා ඉඩම් කට්ටි 15,000ක් පමණ පවතිනවා.
