විභාග දෙපාර්තමේන්තුව පිළිබඳව තේරීම් කාරක සභාවක් ඉල්ලයි.
2012 අගෝස්තු 20 සඳුදා- පස්වරු 12:29
විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිළිබඳ යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේම වර්තමානය වනවිට ගැටලූ මතුවී ඇති බවයි. එම හේතුව නිසා ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා. මේ වනවිටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම සාකච්ඡුාවට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට අදාළ ශිෂ්‍ය සංවිධාන සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටිනවා.
