දිස්ත‍්‍රික්ක 4 ක් නංවන්න රජයෙන් මිලියන 2696 ක්.
2012 අගෝස්තු 20 සඳුදා- පස්වරු 01:56
2012 දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයට සමගාමීව අම්පාර, මඩකලපුව, ත‍්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල හඳුනාගත් ප‍්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ක‍්‍රියාත්මක කිරීමට රජය සූදානම් වනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2696 ක්. ඒ අනුව අම්පාර හාඩි උසස් තාක්ෂණ හා කාර්මික විද්‍යාලය නවීකරණය සඳහා රුපියල් මිලියන 261 ක්ද, අම්පාර නගර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1540 ක්ද වැය කිරීමට නියමිතයි. ත‍්‍රිකුණාමලය, චීන වරාය සහ කොඞ්බේ ධීවර වරාය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කෙරෙන බවයි රජය පවසන්නේ. ඊට අමතරව මඩකලපුව පැරණි බලකොටුව සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 135 ක මුදලක් වෙන් කරන අතර පොළොන්නරුව නවීන පහසුකම්වලින් යුතු පූජා නගරයක් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 360 ක් ද වෙන් කර තිබෙනවා.
