සරණ මිලියන 150ක වන්දියක් ඉල්ලයි.
2012 අගෝස්තු 20 සඳුදා- පස්වරු 06:36
මිනුවන්ගොඩ - හොරැම්පැල්ල වතුයාය මිලදී ගත් ව්‍යාපාරිකයෙකුගෙන් ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් කෝටි දෙක හමාරක මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. මේ පිළිබදව අදාළ ව්‍යාපාරිකයා නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මිනුවන්ගොඩ දිසා අධිකරණයේ නඩුවක් ද ගොනු කර ඇති අතර, තමන්ට සිදුවූ අසාධාරණය සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත පසුගිය දා ලිපියක් ද යොමු කරනු ලැබුවා. ඉන් නොනැවතුණු එම ව්‍යාපාරිකයා මේ පිළිබදව පොලිස්පතිවරයා වෙත ද පැමිණිල්ලක් ගොනු කර ප‍්‍රකාශ කළේ මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි. කෙසේ වෙතත් එමගින් තමන්ට අපහාසයක් සිදුවූ බවට පවසමින් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ද පසුව පොලිස්පතිවරයා වෙත ප‍්‍රති පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, අද (20) ඔහු කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවේ ජනාධිපතිවරයා වෙත මෙම ව්‍යාපාරිකයා යැවූ ලිපියෙන් තමන්ට අපහාසයක් සිදුව ඇති බව පවසමින්. තමන්ට සිදුවූ අපහාසයට රුපියල් මිලියන 150ක වන්දියක් ලබාදෙන ලෙසයි ඔහු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ. මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා හිරු ප‍්‍රවෘත්ති අංශය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනව.
