ලැව් ගිනි මඬින්න රහස් ඔත්තු සේවා.
2012 අගෝස්තු 21 අඟහරුවාදා- පස්වරු 12:17
නකල්ස් රක්ෂිතයේ උඩුදුම්බර ප‍්‍රදේශයේ අද (21) අලූයම නැවතත් හටගත් ගින්න පාලනය කිරීම සඳහා 100 දෙනෙකුගෙන් සමන්විත යුධ හමුදා භට පිරිසක් යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර සඳහන් කළේ ඊයේ (20) රාත‍්‍රිය වන විට නකල්ස් රක්ෂිතයේ හට ගත් ගින්න පාලනය කිරීමට හැකි වුවත් අද (21) අලූයම වන විට යළිත් ගිනි ගැනීම් වාර්තා වූ බවයි. පසුගිය කාලය තුළ ඇති වූ මෙවැනි ගිනි ගැනීම්වලට හේතුව මිනිස් කි‍්‍රයාකාරකම් බවට අනාවරණය වී ඇති අතර, එවැනි සිද්ධීන්ට සම්බන්ධ තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම කැළෑ ගිනි තබන පුද්ගලයින් පිළිබඳ සෙවීමට රහස් ඔත්තු සේවාවක් කි‍්‍රයාත්මක වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.
