අනුරාධපුරයේදී වෛද්‍ය ශිෂ්‍යයන් උද්ඝෝණයක.
2012 අගෝස්තු 21 අඟහරුවාදා- පස්වරු 04:17
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික, විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහගේ නිවසට එල්ලවූ අත් බෝම්බ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් අනුරාධපුරයේ දී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය අනුරාධපුර ශික්ෂණ රෝහළ ඉදිරිපිට පැවති බවයි හිරු වාර්තාකරු සඳහන් කලේ. එහිදී උද්ඝෝෂකයන් කියා සිටියේ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහගේ නිවසට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී දින 5 ක් ගතවී ඇතත් ඊට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
