Hirunews Logo
%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+11+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+11%E0%B6%BA%E0%B7%92.
Tuesday, 11 September 2012 - 7:39
සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 11යි.
6

Shares
778

Views

ලොව මෙතෙක් වාර්තා වූ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 11ක් ගත වනවා. ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථානයට ඔසාමා බින් ලාඞ්න්ගේ අල්කයිඩා සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 3000කට අධිකයි. මගීන් සහිත ගුවන් යානා 4ක් පැහැර ගත් ත්‍රස්තවාදීන් ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ නිවුන් කුළුණු දෙකට ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඉන් පළමු ප්‍රහාරය එල්ල වූයේ උදෑසන 8.45ටයි. ඉන් මිනිත්තු කිහිපයකට පසු දෙවැනි කුළුණට ද එවැනි ප්‍රහාරයක් එල්ල වුණා. පැහැර ගත් තවත් ගුවන් යානයක ඉලක්කය වූයේ පෙන්ටගනයයි. එම ප්‍රහාරයෙන් ද පුද්ගලයින් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ප්‍රහාරකයන්ගේ අනෙක් ඉලක්කය වූයේ ඇමරිකානු ධවල මන්දිරයයි. නමුත් එම ඉලක්කය වැරදීමෙන් ත්‍රස්තයන් පැහැර ගත් ගුවන් යානය පෙන්සිල්වේනියාවේ හිස් භූමියකට කඩා වැටුනා. සැප්තැම්බර් 11 ප්‍රහාරය සමරමින් ලෝක වෙළෙද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පිහිටා තිබූ ග්වුන්ඞ් සීරෝහි අද (11) විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,026 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top