Hirunews Logo
%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1.
Tuesday, 11 September 2012 - 13:00
හැරී කුමරුට මරණ තර්ජන.
9

Shares
1,192

Views

ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් කටයුතු සඳහා සහභාගි වී සිටින බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සාමාජිකයෙකු වන හැරී කුමරු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හෝ මරා දැමීමට තම උපරිම ශක්තිය යොදවන බව තලෙයිබාන් සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරන්නේ කෙසේ හෝ තමන් මෙම ඉලක්කය සපුරා ගන්නා බවයි. වසර 4ක හමුදා සේවය තුළ හැරී කුමරු මාස 4ක කාලයක් සඳහා ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ට් ප්‍රාන්තයේ රාජකාරී සඳහා පසුගිය සතියේ එම ප්‍රදේශයට පැමිණියා. ඔහු මේ වන විට නේටෝ හමුදා සමග එක්ව ඉදිරි ආරක්ෂක වළල්ලෙහි රාජකාරී කටයුතු කරන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. තලෙයිබාන් සංවිධානය විසින් සිදුකර ඇති තර්ජනය නෙටෝ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නේටෝ ප්‍රධානියා සදහන් කරන්නේ හැරී කුමරුගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග සලසා ඇති බවයි. මේ අතර, තලෙයිබාන් සංවිධානයේ මෙම අනතුරු ඇගවීම පිළිබදව බ්‍රිතාන්‍ය මෙතෙක් කිසිදු නිළ ප්‍රකාශයක් සිදුකර නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,251 Views
3,349 Views
2,655 Views
2,102 Views
2,067 Views
47,713 Views
Top