Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
Friday, 14 September 2012 - 13:07
උතුරේ මායිම් වෙනස්වන ලකුණු.
16

Shares
1,943

Views

උතුරු පළාත් සිතියමේ වෙනසක් ඉදිරියේදී ඇතිවිය හැකි බව මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා. මිනුම්පති මහේෂ් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ප්‍රථම වතාවට උතුරු පළාත සඳහා 1 ට දසදහසේ සිතියමක් සකස් කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි. යුද්ධය පැවතීම හේතුවෙන් පසුගිය කාලය පුරාම උතුරු පළාතට සිතියමක් සකස් කර තිබුණේ නැහැ. මේ වනවිට උතුරු පළාතේ කිසිදු ගැටළුවක් නොමැති බැවින් එම පළාතට වෙන්වූ සිතියමක් සකස් කිරීමට කාලය එළැඹ ඇති බව මිනුම්පතිවරයා කියා සිටියා. මේ හේතුවෙන් ශ්‍රී ලංකා සිතියමේ උතුරු පළාතේ සීමා මායිම්වලද සුළු වෙනස්කම් කිහිපයක් ඉදිරියේදී සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ජගත් සංවිධානයේ මෙරට සේවය කරන නියෝජිතයින් වෙත ශ්‍රී ලංකා සිතියම ලබාදීමට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මෙරට සේවය කිරීමේදී ඔවුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා සිතියම ලබාදීමට තීරණය කළ බවයි මිනුම්පතිවරයා සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,263 Views
3,361 Views
2,660 Views
2,105 Views
2,082 Views
47,721 Views
Top