Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
Wednesday, 19 September 2012 - 19:03
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට.
27

Shares
3,250

Views

උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලූ විසඳන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රියපළ ඉදිරිපිට අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ එම ස්ථානයේ පැවැත්වුනු උද්ඝෝෂණයකින් අනතුරුවයි. එහිදී අදහස් දැක්වූ එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර.

                           

කොටුව දුම්රියපල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කිහිපයක් ද නිකුත් කළා. ඒ කොටුව පොලීසියේ ඉල්ලීම මතයි.  ඒ අනුව ඔවුන්ට උද්ඝෝෂණ පැවැත්විය හැක්කේ කොටුව දුම්රියපළ ඉදිරිපිට ඇති හිස් භූමියේ පමණයි. උද්ඝෝෂණකරුවන්ට දුම්රිය පළ ඉදිරිපිට ඇති මාර්ගය භාවිතා කිරීමට හෝ වාහන ගමනාගමනයට බාධාවන කිසිදු ක්‍රියාවලියක නිරතවීමට ඉඩ ලැබෙන්නේ නැහැ. එසේම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ටද බාධාවන කිසිදු ක්‍රියාවක් නොකළයුතු බව අධිකරණය විසින් එම ශිෂ්‍ය බල මණ්ඩලයට දැනුම්දී තිබුණා.

මෙම සත්‍යග්‍රහයට සහභාගිවී බස් රථයකින් ගමන් ගනිමින් සිටියදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගැණුනා. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගත්තේ කොළඹ - නගරශාලාවට ආසන්නයේදියි. ඊට හේතු පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ.

                                                   

කෙසේ වෙතත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පේරාදෙණිය ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ආසන්නයේ ආරම්භ කර ඇති සත්‍යග්‍රහය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහනුවර පොලිසිය ගොනුකළ පෙත්සමක් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. සත්‍යග්‍රහය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කියා සිටියේ මේ නිසා මාර්ගයට සහ පදික වේදිකාවට අවහිරතා මතුවන බවයි. එහෙත් මහනුවර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ එවැනි අවහිරතාවයක් සිදුනොවන බව පවසමින්.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ සරසවි ඇදුරන්ගේ වර්ජනය ජනතා ව්‍යාපාරයක් බවට පත්කළේ ආණ්ඩුව විසින්ම බවයි. එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙම අදහස් පළ කළේ සරසවි ඇදුරන් සහ කලාකරුවන් අතර කොළඹදී අද පැවති රැස්වීමක් අමතමින්.

                                               

කොළඹ අද පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකදී ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුව පිළිබඳව අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේ මෙම ගැටලූව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ව්‍යාකූල තත්ත්වයකට පත්කර ඇති බවයි.

                    

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
168 Views
2,609 Views
3,650 Views
5,176 Views
15,873 Views
56,260 Views
Top