විභාග කොමසාරිස්ගේ හෙට සාකච්ජාවට සරසවි ඇදුරන් නැහැ.
2012 සැප්තැම්බර් 23 ඉරිදා- පස්වරු 12:48
උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට විභාග කොමසාරිස්වරයා හෙට කැඳවා ඇති සාකච්ජාවට සහභාගී නොවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත් බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගය හේතුවෙන් මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු මේ වනතුරුත් ආරම්භ කර නැහැ. මෙම උත්තර පත‍්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර විසින් හෙට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.
