රෝහල් 3 ක හැර ගාල්ලේ සෙසු රෝහල්වල වෛද්‍ය වර්ජනයක්.
2012 සැප්තැම්බර් 24 සඳුදා- පෙරවරු 07:36
ගාල්ල දිස්ත‍්‍රික්කයේ රෝහල් 3ක් හැර සෙසු සියලූ රෝහල්වල එක් දින සංකේත වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) තීරණය කර තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළේ ගාල්ල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම කි‍්‍රයාමාර්ගය ගෙන ඇති බවයි. ගාල්ල නගරාධිපතිවරයා පසුගිය දිනක කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට තර්ජනාත්මක ස්වරූපයෙන් බැන වැදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි කි‍්‍රයාමාර්ගයක් ගෙන නැහැ. කෙසේ වෙතත් ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහල, බලපිටිය සහ ඇල්පිටිය රෝහල් මෙම වර්ජනයට එක් නොවන බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
