මැණික්හින්නේ නිවසකින් කාන්තා මළ සිරුරක් සොයා ගැනේ.

Tuesday, 01 January 2013 - 10:18

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.



මැණික්හින්න - දඹකොටුව ප්‍රදේශයේ නිවසක තිබී අත් පා බැඳ ඝාතනය කළ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ (31) රාත්‍රියේ සොයා ගත් මෙම කාන්තා මළ සිරුර මහියංගනය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ මවකගේ බව මැණික්හින්න පොලීසිය සඳහන් කළා. ඊයේ රාත්‍රියේ මෙම කාන්තාව ඝාතනය කර ඇති අතර, එම අවස්ථාවේදී ඇය පමණක් නිවසේ තනිවම සිට තිබෙනවා. මැණික්හින්න පොලීසිය කියා සිටියේ ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව මළ සිරුර සොයාගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලීසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories