දැන් විකල්ප නැහැ. - ජනාධිපති ප්‍රකාශක.

Saturday, 12 January 2013 - 13:27

%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව පිළිබද පාර්ලිමේන්තුව ලබාදුන් තීරණය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් ජනාධිපතිවරයාට නොමැති බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක පවසනවා. ඔහු කියා සිටියේ ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරි තීරණ ගනු ඇති බවයි. මීට අමතරව අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ප්‍රතිපාදන නොමැති බවයි ඔහු එහිදී කියා සිටියේ. විද්වත් කමිටුවක් පත් කරන බවට මීට පෙර සදහන් කර තිබුනේ මෙම දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් නීති විශාරදයන්ගෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබා ගැනීම සඳහා පත් කරන කමිටුවක් පිළිබදව බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක වැඩිදුරටත් අවධාරණය කළා. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 106කින් සම්මත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories