සමූල ඝාතනයක් ගැන කැළණි මන්ත්‍රීවරුන්ගෙන් හෙළිදරව්වක්.

Saturday, 12 January 2013 - 18:47

%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

කැළණිය ආසන සංවිධායක ධුරයෙන් අමාත්‍ය මර්වින් සිල්වා ඉල්ලා අස්වීමත් සමඟ ඊට ජනාධිපතිවරයාට ස්තුතිය පුද කිරීම සඳහා කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු අද (12) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර තම මන්ත්‍රී කණ්ඩායම සමූල ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව ප්‍රකාශ කළා. එමෙන්ම, හසිත මඩවල මන්ත්‍රීවරයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා ද අත්අඩංගුවට ගන්නා ලෙසයි ඔහු වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

[MP3]s51306_1[/MP3]

කෙසේ වෙතත්, අමාත්‍ය මර්වින් සිල්වා කැළණිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වීමේ ලිපිය ඊයේ (11) ජනාධිපතිවරයා වෙත භාර දුන්නා. එය ජනාධිපතිවරයා විසින් භාර ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.

මේ අතර, ඔහු නැවත කැළණියේ ආසන සංවිධායකවරයා ලෙස ගෙන්වා ගැනීමට අමාත්‍ය මර්වින් සිල්වාගේ ආධාරකරුවන් පිරිසක් උත්සාහ දරන බවට අද පැවති මාධ්‍ය හමුවේදී කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිතකුමාර සඳහන් කළා.

[MP3]s51306_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories