මැදපෙරදිග යවන්න එපා - හෙළ උරුමය.

Saturday, 12 January 2013 - 19:36

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA.

මැදපෙරදිග රටවලට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් යැවීම අත්හිටුවීමට රජය වහාම පියවර ගත යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සඳහන් කළේ සෞදි අරාබි රජය රිසානා නෆීක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිද්ධියත් සමඟ මෙම තීරණය ගැනීමට වහාම කටයුතු කළ යුතු බවයි. පසුගිය කාලය තුළ විටින් විට ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගත කිරීම නැවැත්වීම සම්බන්ධයෙන් කථාබහට ලක්වුව ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

[MP3]s51315_1[/MP3]

මේ අතර, තවදුරටත් සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක්වන බව වාර්තා වනවා. සෞදි අරාබියේ සිට හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ රත්නපුර ප්‍රදේශයේ සිට විදේශ ගතවූ කාන්තාවක් සඳහන් කළේ තමන් ඇතුළු කාන්තාවන් රැසක් මේ වනවිට විවිධ වඳ හිංසනයන්ට ලක්ව සිටින බවයි. එමෙන්ම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරින්ගේ අවධානය වහාම යොමුවිය යුතු බව ද ඇය පෙන්වා දුන්නා.

[MP3]s51315_2[/MP3]

පසුගියදා සෞදි අරාබියේදී මරණ දඩුවමට ලක් වූ රිසානා නෆීක් සිහිකර අද (12) දවටගහ මුස්ලිම් දේවාස්ථානයේදී සර්වාගමික වතාවත් සංවිධාන කර තිබුණා. මෙම අවස්ථාවට එක්වෙමින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් විදේශ ගතකිරීම සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කඩිනමින් කටයුතු කරන බවයි. විශේෂයෙන් කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශ ගතවීමේ අවම වයස් සීමාව අවුරුදු 25 දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

[MP3]s51315_3[/MP3]

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රිසානා නෆීක්ගේ සිද්ධිය පදනම් කර ගනිමින් දැනට මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ එම රටවල සේවයට යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවයි.

[MP3]s51315_4[/MP3]

ශ්‍රී ලංකා ගෘහ සේවිකා රිසානා නෆීක්ට සෞදි රජය විසින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන්පිල්ලේ ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. ඇය සඳහන් කර ඇත්තේ රිසානා නෆීක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මෙම දඬුවම සිය සංවිධානය හෙලා දකින බවයි. ඇය සම්බන්ධයෙන් සෞදි රජය අනුගමනය කළ අධිකරණ ක්‍රියාමාර්ගය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයක් යොමුකර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන්පිල්ලේ තවදුරටත් පෙන්වාදී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories