ගිනි අවි පාලනය පිළිබඳ නව නීති ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට.

Wednesday, 16 January 2013 - 13:24

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.



ඇමරිකාව තුළ ගිනි අවි භාවිතය අවම කිරීම සඳහා වන නව යෝජනා අද (16) එරට කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපති බැරක් ඔබාමා විසින් ඊට අදාළ වැදගත් යෝජනා 16 ක් මෙලෙස ඉදිරිපත් කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එහිදී සැහැල්ලූ ගිනි අවි සහ ජීව උණ්ඩ රැසක් භාවිත කළ හැකි ගිනි අවි සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමු කෙරෙනු ඇති. ඇමරිකාවේ නිව්ටවුන් හි පාසලක පසුගියදා සිදුවු වෙඩි තැබීමකින් සිසුන් 20 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එම සිදුවීමෙන් පසුවයි රට තුළ ගිනි අවි භාවිතය පාලනය කිරීම සඳහා නව නීති ගෙන ඒමට ඇමරිකානු රජය තීරණය කර ඇත්තේ. නව නීති රිතීවලට අනුව යම් පුද්ගලයෙකු ගිනි අවියක් මිලදී ගැනීමට යාමේදී ඔහුගේ පසුබිම සොයා බැලීමද සිදුකෙරෙනු ඇති. කෙසේ වෙතත්, ඇමරිකාවේ ක්‍රියාත්මක ජාතික රයිෆල් සංවිධානය මෙම නව යෝජනා සඳහා දක්වන්නේ දැඩි විරෝධයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories