කල්දෙමුල්ල ත්‍රිත්ව ඝාතන සැකකරු ගැන සැඟවුණු රහසක්.

Wednesday, 16 January 2013 - 18:19

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1++%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.


2012 වසරේ ගල්කිස්ස - කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවසකදී තම බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කළ සැමියා පිළිබඳ පුවත සමාජය තුළ ඇති කළේ දැඩි කම්පනයක්. මෙම සැකකරු පිළිබඳ වසර 31 ක් පුරා සැඟව තිබූ පුවතක් අද (16)  හෙළිවුණා.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගැනුනේ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු හමුවේයි. ඝාතන සිදුකළ සැකකරු වන විජේමුනි මදුරංග අද අධිකරණයට පැමිණි අතර සාක්ෂි ලබාදීම සඳහා ඔහුගේ මව සහ නිවසේ මෙහෙකාරිය ද අධිකරණයට කැඳවා තිබුණා. එහිදී එම මව ප්‍රකාශ කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ කරුණක්. බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කර පිලිස්සූ පුද්ගලයා තම කුසින් උපන් පුතෙකු නොව ළදරු කාලයේ සිට තමන් හදාවඩාගත් දරුවෙකු බව ඇය එහිදී කියා සිටියා. මෙය 31 වසරක් පුරා තමන් සඟවා ගෙන සිටි බවයි එම මව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙහිදී අධිකරණය අදාළ ඝාතන සිදුවූ අවස්ථාවේ නිවසේ තත්ත්වය පිළිබඳව ඇයගෙන් තවදුරටත් කරුණු විමසුවා. විජේමුණි මදුරංගගේ බිරිඳ සහ දරු දෙදෙනා පිළිස්සෙනු තමන් දුටු බවත්, තමන් සියලූදෙනාටම කෑ ගසා හඩ ගැසූ බවත් ඇය ප්‍රකාශ කළා. යාබද කාමරයක නිදා සිටි සැකකරු ඒ පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වූ බවයි මෙම මව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

ඝාතන සැකකරු පළමුව පොලීසියට ප්‍රකාශ කර තිබුණේ ඉටි පන්දමක් පෙරළී මෙම ගිනි ගැනීම සිදුවූ බවයි. කෙසේ වෙතත් මෙම මරණ සිදුවූ දෙසැම්බර් 17 වැනිදා ආසන්න වත්ම කල්දෙමුල්ල නිවසට වෙනදා දක්නට නොලැබුණු තරම් ඉටිපන්දම් ගෙනවිත් තිබූ බව නිවසේ මෙහෙකාරිය අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදියි.

වැඩිදුර කරුණු විමසූ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මේ පිළිබඳ වැඩිදුර නඩු විභාගය ජනවාරි 23 වැනිදා දක්වා කල් තැබුවා.

මියගිය සචේතනා සඳමාලි සිල්වා නැමති 31 හැවිරිදි සැකකරුගේ බිරිඳ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරියක් ලෙස කටයුතු කළා. අද නඩු විභාගයෙන් අනතුරුව ඇයගේ දෙමාපියන් සිය  හැඟීම් විස්තර කළේ මෙලෙසයි.

[MP3]s51543[/MP3]

විජේමුණි මදුරංග නැමති මෙම සැකකරු පොලිසියට කළ පාපොච්චාරණයේදී හෙළි වුණේ ඔහු සිය අනියම් පෙම්වතිය විවාහ කර ගැනීම සඳහා මෙම ඝාතන සිදුකර ඇති බවයි. ගෙල සිරකර බිරිඳ ඝාතනය කළ බවත් එය දුටු නිසා 3 හැවිරිදි වැඩිමහල් දරුවාගේ ද ගෙල මිරිකා ඝාතනය කළ බවත් ඔහු සඳහන් කර තිබුණා. පසුව මසක් වයසැති ළඳරුවා ද නිදි යහනේ සිටියදී සුවඳ විලවුන් ඉස තුන්දෙනාටම ගිනි තැබූ බව ඔහු පාපොච්චාරණය කළා. මීගමුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සමග ඔහු අනියම් සබඳතාවක් ගොඩ නගාගෙන තිබූ අතර තම බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කරද්දී එම සම්බන්ධයට මාසයක්වත් ගතව තිබුණේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories