කොටි ත්‍රස්තවාදීන්ට යළි අවස්ථාව දෙන්නෙපා.- ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්.

Wednesday, 16 January 2013 - 18:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B4%E0%B7%8F.-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට යළි අවස්ථා සළසාදීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ අවධාරණය කළා. ජගත් සංවිධානයේ නිව්යෝක්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මේ බව ප්‍රකාශ කළේ ජගත් ආරක්ෂක මණ්ඩල සැසිවාරයේ 2013 වසර සඳහා වූ පළමු විවාදය ඊයේ අමතමින්. අවි ආයුධවලින් කොටි සංවිධානයට ලබාගැනීමට නොහැකි වූ දේ දේශපාලන ක්‍රියාවලියක් තුළින් ලබාගැනීමට ඉඩ සළසාදීමෙන් වළකින ලෙසයි ඔහු එහිදී කියා සිටියේ. ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් කටයුතු කරන අතරම එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත් අවබෝධයෙන් සිටින ලෙස ආචාර්ය පාලිත කොහොන මෙහිදී ඉල්ලීමක් කළා.

 

ත්‍රස්තවාදය පරාජය කිරීමට ඒකාබද්ධ ප්‍රවේශයක් අවශ්‍යයි. යම් ත්‍රස්තවාදී කණ්ඩායමකට සහය ලබාදුනහොත් එය ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්තවීම නිරන්තරයෙන් සිදුවන්නක්. ශ්‍රී ලංකාව සිදුකර ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහි සටනක් පමණයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවස්ථා කිහිපයකදී සාම සාකච්ඡා සඳහා ආරධනා කළත් ඔවුන් ඊට අනුකූලතාවයක් නොදැක්වූ බවද ආචාර්ය පාලිත කොහොන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළා.

 

මේ අතර අගවිනිසුරුවරියට එරෙහිව පැවති දෝෂාභියෝගයේ සැබෑ තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා සමාජීය තත්ත්වය පිළිබඳ විදේශ තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් අද දැනුවත් කෙරුණා. ඒ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති දැනුවත් කිරීමේ හමුවකදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories