පැය 48 ක් රඳවා තබාගැනීමේ විවාදය අඟහරුවාදා.

Thursday, 17 January 2013 - 12:14

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F.



සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමෙන් තොරව පැය 48 කාලයක් පොලීසියේ රඳවා තබාගැනීමට අදාළ නියමයක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිතයි. එය සම්මත වීමෙන් පසු මෙතෙක් පැවති පැය විසි හතරේ රඳවා ගැනීමේ කාල සීමාව පැය 48 දක්වා දීර්ඝ වනු ඇති. ඊට අදාළ යෝජනාව අපරාධ නඩු විශේෂ විධිවිධාන පනත යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් විසින්. ඒ පසුගිය 2011 වසරේ නොවැම්බර් මාසයේදියි. මෙම පනතට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධිකරණය හමුවේ පෙත්සම්ද ගොනු කරනු ලැබුවා.
 
කෙසේ වෙතත් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවේ මෙම පනත් කෙටුම්පතේ අඩුපාඩු පවතින බැවින් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. ඒ අනුව එය සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරනු ලැබුවා. ලබන 22 වැනිදා මෙම පනත පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේදී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමටයි එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories