මොරටුව විශ්වවිද්‍යාලයේ ගැටුමක්. 6 කට තුවාල.

Thursday, 17 January 2013 - 12:25

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.+6+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් සිසුන් සිසුන් 6 දෙනෙකු තුවාල ලැබුවා. ඉංජිනේරු පීඨය සහ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා ආයතනයේ සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඇතිවී ඇත්තේ. ගැටුමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මේ හේතුව නිසා විශ්වවිද්‍යාලයේ එම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමටද පියවර ගෙන තිබෙනවා.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධනට මාතර - මැද්දවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පහරදීමක් සිදුවුණා. එහිදී තුවාල ලැබූ ඔහු මේ වනවිට මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ප්‍රකාශ කළේ මෙය නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරගැනීමට උත්සාහ කරන සිසුන්ට එරෙහිව දියත්වන මර්දනයක් බවයි.
 
[MP3]s51579 [/MP3]             

මේ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ ඇතිවූ සිසු ගැටුම සම්බන්ධයෙන් එක් ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා. රුහුණු සරසවියේ මහ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම කාර්යාලය තවදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories