කැරකිල්ල රෝගයක් නොවේලූ.

Friday, 18 January 2013 - 13:09

%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%96.


කැරකිල්ල යනු රෝගයක් නොව කිසියම් හේතුවක් නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණයක් බව කොළඹ ජාතික රෝහලේ කන, නාසය හා උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය පවසනවා. වර්තමානයේදී පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් කැරකිල්ල නැමති රෝග තත්ත්වය නිසා පීඩා විදිමින් සිටිනවා.  සිරුරේ සමතුලිතතාවය සියයට 70 ක්ම පාලනය කෙරෙනේනේ ඇස්වලින්. ඉතිරිය කන්වලින් සහ සිරුරේ අනෙක් පද්ධති මගින් ආරක්ෂා කෙරෙනවා.

කෙසේ වෙතත් කැරකිල්ල නැමති රෝග ලක්ෂණය අක්ෂි දුර්වලතාවලින් පෙළෙන රෝගීන් අතර බහුලව පවතින බවට අනාරවරණය වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය සඳහන් කළේ. කන්වල දෝෂ සහිත පුද්ගලයින්ද කැරකිල්ල නැමති රෝගී තත්ත්වයට ගොදුරුවනවා. බෙල්ල හා කශේරුකාව ආශ්‍රිතව ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මෙන්ම ඉරුවාරදය සහ ආතතිය වැනි මානසික රෝග නිසාද කැරකිල්ල ඇතිවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය චන්ද්‍ර ජයසූරිය පවසන්නේ.

ඇය සඳහන් කළේ මෙම රෝගී තත්ත්වය පිළිබඳව මෙරට වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන්ටද නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන බවයි. එම නිසා මෙවැනි රෝගියෙක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණිවිට වෛද්‍යවරුන් ඖෂධ පමණක් ලබාදී ඊට ප්‍රතිකාර කිරීමට යොමුවී ඇති බව විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළා. නමුත් රෝගය නිශ්චය කළ බොහෝ රෝගීන් තුළ දෘෂ්ටි ඌනතා හෝ කන්වල දෝෂ සහිත තත්ත්වයන් තිබීම නිසා මෙම රෝගයට ගොදුරු වී ඇති බවට කරුණු හෙළිවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories