දෝෂාභියෝග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී. පද්මසිරිගෙන් නිදහසට කරුණු විමසීමට ලංකා සමසමාජ පක්ෂය තීරණය කර තිබෙනවා. ඊයේ (17) පස්වරුවේ රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි එහි සාමාජිකයෙකු හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසන අවස්ථාවේදී ඊට ඡන්දය භාවිතා නොකිරීමට ලංකා සම සමාජ පක්ෂය තීරණය කර තිබුණා. කෙසේ නමුත්, ඡන්දය විමසන අවස්ථාවේදී සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ පාර්ලිමේන්තුවේ රැදී නොසිටි අතර එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී. පද්මසිරි දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළා.
ඊයේ (17) රැස් වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එම රැස්වීමට දේශපාලන මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයින් 13 දෙනාගෙන් සහභාගිවී සිටියේ 8 දෙනෙකු පමණයි. එහිදී වයි.ජී. පද්මසිරි මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ යුතු බවට සහ ඔහුගෙන් නිදහසට කරුණු විමසිය යුතු බවට යෝජනා දෙකක් ද ඉදිරිපත්වී තිබෙනවා. ඒ අනුව, මේ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමටයි පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය තිස්ස විතාරණ තීරණය කර ඇත්තේ. පැවති ඡන්ද විමසීමේදී සාමාජිකයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී. පද්මසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලෙස ඡන්දය භාවිතා කර තිබූ අතර 4 දෙනෙකු ඔහුගෙන් නිදහසට කරුණු විමසිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ඉතිරි සාමාජිකයින් දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ, අනුවයි දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී. පද්මසිරිගෙන් නිදහසට කරුණු විමසීමට ලංකා සමසමාජ පක්ෂය තීරණය කර ඇත්තේ.
හිරු ප්රවෘත්ති අංශය මේ පිළිබදව ලංකා සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් සොයිසාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙය පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් වන බැවින් තමන්ට කිසිඳු ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.
Follow US
Most Viewed Stories