විකිලීක්ස් නිර්මාතෘ මැතිවරණ තරඟ බිමට.

Thursday, 31 January 2013 - 8:13

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7.


මතබේදයට තුඩුදුන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්   ඕස්ට්‍රේලියාවේ සෙනට් සභාව සඳහා තරඟ කිරීමට සූදානම් වනවා. මේ වසරේ සැප්තැම්බර් 14 වැනිදා පැවැත්වෙන  ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවේ මැතිවරණයට තමන් ඉදිරිපත්වන බවයි විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයා සඳහන් කර ඇත්තේ. ඇමරිකාව ඇතුලූ ප්‍රබල රටවල රාජ්‍ය රහස් ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලවකවානුව තුළ විකිලීක්ස් වෙබ් අඩවිය පිළිබඳ කථාබහට ලක්වුණා. එහි නිර්මාතෘ ජූලියන් අසාන් ට පසුකාලීනව ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අතර අනතුරුව  ඔහු  ඉක්වදෝරය වෙත ගොස් එහි දේශපාලන රැකවරණ ලබාගත්තා. කෙසේ වුවත් විකිලීක්ස් වෙබ් අඩවිය හෙළි කළ තොරතුරු හේතුවෙන් එහි නිර්මාතෘ ජූලියන් අසාන්  ඕස්ට්‍රේලියාව තුළ සුප්‍රසිද්ධ චරිතයක් වීම හේතුවෙන් සෙනෙට් සභාවට තේරී පත්වීම හේතුවෙන් සුබවාදී තත්ත්වයක් ඇතිවිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories