හිරු ඉහළින් බවට යළිත් සහතිකයක්.

Friday, 01 February 2013 - 7:54

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඊයේ සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති සංදේශය මාධ්‍ය සම්මාන උළෙලේ සියලූ ප්‍රධාන සම්මාන හිමිකර ගැනීමට හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සමත් වුණා. එහිදී වසරේ  ජනප්‍රියතම රූපවාහිණි නාළිකාව ලෙස හිරු ටී.වී. සම්මානයෙන් පිදුම් ලැබූ අතර, වසරේ ජනප්‍රියතම ගුවන් විදුලි නාළිකාව ලෙස හිරු එෆ්.එම්. සම්මානයෙන් පිදුම් ලැබුවා. ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රවෘත්ති නාළිකාව ලෙස සම්මානයට පාත්‍ර වූයේද හිරු ප්‍රවෘත්ති නාළිකාවයි.

 

කොළඹ ආනන්ද විද්‍යාලයේ, ප්‍රවෘත්ති විකාශන ඒකකය සංවිධානය කරන සංදේශය මාධ්‍ය සම්මාන උළෙලේදී සම්මාන ලබා දෙන්නේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාවේ සියලූම පළාත් ආවරණය වන පරිදි කෙරෙන සමීක්ෂණයකින් අනතුරුවයි. පළමුවෙන්ම සමීක්ෂණ වාර්තාවක් සැකසෙන්නේ පළාත් 09 ම නියෝජනය වන පරිදි පාසල්වල උසස් පෙළ සිසු සිසුවියන් සහභාගී කරගෙනයි. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව එම තොරතුරු විශ්ලේෂණය කර අවසන් වාර්තාව සකස් කරනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකළ සමීක්ෂණය ලෙසද මෙම ජනමාධ්‍ය සමීක්ෂණය ඉතිහාස ගත වනවා.

මේ අනුව මෙවර සංදේශය මාධ්‍ය සම්මාන උළෙලේදී සියලූ ප්‍රධාන සම්මාන හිමිකර ගැනිමට හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සමත් වුණා. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඊයේ පස්වරුවේ සම්මාන උළෙල පැවැත්වුණේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන්.

මේ, වසරේ ජනප්‍රියතම රූපවාහිණි නාළිකාව ලෙස හිරු ටී.වී. එහිදී සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවයි.

[MP3]s52517_1[/MP3]


වසරේ ජනප්‍රියතම, ගුවන් විදුලි නාළිකාව ලෙස හිරු එෆ්.එම්. සම්මානයෙන් පිදුම් ලැබූ අභිමානවත් අවස්ථාවයි මේ.

[MP3]s52517_2[/MP3]

සංදේශය මාධ්‍ය සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රවෘත්ති නාළිකාව ලෙස හිරු ප්‍රවෘත්ති මෙසේ සම්මානයෙන් පිදුම් ලැබුවා.

[MP3]s52517_3[/MP3]

[FLV]52513[/FLV]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories