බංග්ලාදේශයේ බස් රථයක් පාලමකින් වැටී 16 ක් මරුට.

Monday, 11 February 2013 - 16:35

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.


බංග්ලාදේශයේ - ඩකා අගනුවරට දකුණෙන් පිහිටි පාලමකින් මගී බස් රථයක් පෙරලී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු මරුමුවට පත්වුණා. බස් රථයේ පුද්ගලයන් 43 දෙනෙකු ගමන් කළ අතර, එහිදී තුවාල ලැබූ තවත් 15 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඉස්ලාමීය දේවාස්ථානයක වන්දනාවක නිරත වූ පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වූ බව සඳහන්. බංග්ලාදේශයේ බස් රථ අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, එවැනි අනතුරුවලින් වසරකදී මියයන සංඛ්‍යාව දසදහසකට අධිකයි. නොසැලකිලිමත් රිය පැදවීම මාර්ගවල දුර්වල තත්ත්වය සහ පැරණි බස් රථ බංග්ලාදේශයේ මෙවැනි අනතුරු ඉහළ යාමට හේතුවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories