දඹුල්ලට සහ මහනුවරටත් හඳුනා නොගත් පාෂාණ.

Tuesday, 12 February 2013 - 12:41

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B6%AB.

දිවයිනේ ස්ථාන දෙකකට අද (12) දිනයේ දී හඳුනා නොගත් පාෂාණ වර්ගයක් පතිත වී ඇති බව වාර්තා වුණා. මීට පෙර ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙවැනි පාෂාණ වර්ග හමුවූ බව අප අනාවරණය කළා.

 

දඹුල්ල - පුවක්අත්තාවල - සමන්තලායාය ප්‍රදේශයේ නිවසක් අසළට ඊයේ (11) රාත්‍රියේ දී කිසියම් පාෂාණ වර්ගයක් පතිත වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. එම පාෂාණ වර්ගය පොළොන්නරුව - අරගලන්විල ප්‍රදේශයට පතිත වුණු පාෂාණ වර්ගයට සමාන බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. පාෂාණය පතිත වූ නිවසේ හිමිකාරිය මෙලෙස සිය අත්දැකීම හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළා.

 
[MP3]s53239_1[/MP3]                                                                            

 

මේ වන විට එම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් ද පැමිණ ඇති අතර එම පාෂාණය අදාළ බලධාරීන් වෙත යැවීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර, මහනුවර - හාරිස්පත්තුව - හෑදෙනිය ප්‍රදේශයේ කිසියම් ස්ථානයකට සැක සහිත පාෂාණ වර්ගයක් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. අප වාර්තාකරු කියා සිටියේ මෙය දැක බලා ගැනීම සදහා විශාල පිරිසක් එම ස්ථානයට එක්වී සිටින බවයි.  

 

 


හැටන් - ගාමිණීපුර ප්‍රදේශයේ නිවසකට ද පෙරේදා මෙවැනිම පාෂාණ වර්ගයක් පතිත වූ බවයි වාර්තා වුණේ. මීට පෙර පොළොන්නරුව - අරලගන්විල ප්‍රදේශයේ කුඩාවැව වෙල්යායට ද මෙවැනි පාෂාණ වර්ගයක් පතිත වුණා.

 

පසුගිය දා එම පාෂාණ පිළිබදව මෙරටට පැමිණි නාසා ආයතනයේ මහාචාර්ය රිචඞ් බී හූවර් ද පරීක්ෂණ පැවැත්වූවා. එහිදී ඔහු ප්‍රකාශ කළේ පෘතුවියෙන් පිටත ජීවයක් පවතින බවට පැහැදිලි සාක්ෂි මින් මතු වූ බවයි. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ පොළොන්නරුව - අරලගන්විල ප්‍රදේශයෙන් හමුවූ පාෂාණවල ජීව විශේෂයක් සිටින බවයි.

 

 

කෙසේ වෙතත්, එම පාෂාණ කැබැලි උල්කාශ්ම නොවන බව පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයින් යළි අවධාරණය කළා. එම පාෂාණ කැබලි අකුණක බලපෑම මත විපර්යාවලට ලක්වූ ඒවා බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 
[MP3]s53239_2[/MP3]

[JPG]53239_1[/JPG]

[JPG]53239_2[/JPG]

[JPG]53239_3[/JPG]

[JPG]53239_4[/JPG]

ඡායාරූප - කාංචන ආරියදාස



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories