Hirunews Logo
%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.
Wednesday, 13 February 2013 - 8:35
නාගදීපයේ වාහල්කඩ ජනපති අතින් විවෘතයි.
4

Shares
596

Views

යාපනය - නාගදීප රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ සහ විහාරස්ථානයට පිවිසෙන ජැටිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) විවෘත කෙරුණා. ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැයකර ඇති මුදල රුපියල් මිලියන 34 ක්. නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් විහාරස්ථානයට පිවිසීම සඳහා ඉදිකර ඇති ජැටිය අඩි 700 ක් දිගින් යුක්ත අතර, එහි පළල අඩි 22 ක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. මෙම නව ජැටිය රාජකීය පණ්ඩිත අති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ නමින් නම් කර තිබෙනවා.

 

නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් ඊයේ (12) පස්වරුවේ විහාරස්ථානයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ආගමික වතාවත්වල නිරත වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා නාගපූසලි අම්මාන් කෝවිලටද ගොස් ආගමික වතාවත්වල යෙදී තිබෙනවා. මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (13) යාපනයේ ශික්ෂණ රෝහලේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට ද එක්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
291 Views
19,001 Views
10,939 Views
11,285 Views
260 Views
66,012 Views
Top