Hirunews Logo
%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B9%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A.
Wednesday, 13 February 2013 - 12:41
සැකකරු හඹා ගිය පොලිස් නිලධාරියාගේ සිරුර පාළු ළිඳක.
12

Shares
1,554

Views

හබරණ - පුවක්පිටිය ප්‍රදේශයේ සැකකරුවෙකු හඹා ගොස් අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ මළ සිරුර ප්‍රදේශයේ පාළු ළිඳක තිබී සොයා ගැනුණා. පොලිසිය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවෙකු පිළිබඳ ලද තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට අද (13) අළුයම 2.30ට පමණ පොලිස් නිලධාරීන් පිරිසක් පුවක්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙනවා. පොලීසිය පැමිණි බව දැනගත් සැකකරු පළා යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරියෙකු ඔහු පසුපස සැලකිය යුතු දුරක් හඹා ගොස් තිබුණා. පසුව පොලිස් නිලධාරියා සහ අදාළ සැකකරු පිළිබද තොරතුරක් වාර්තා නොවූ බැවින් සෙසු පොලිස් නිලධාරීන් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළා. ඒ අනුවයි ප්‍රදේශයේ පාළු ළිදකට වැටී තිබියදී පොලිස් නිලධාරියාගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

 

මෙලෙස පාළු ළිඳකට වැටී මියගොස් තිබුණේ හබරණ පොලිසියට අනුයුක්තව සේවය කළ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. කෙසේ වෙතත්, පළාගිය සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම පොලිස් නිලධාරියාගේ මළ සිරුර පාළු ලිඳක තිබී සොයාගත් අවස්ථාවේ එහි සිටි හිරු වාර්තාකරු කාංචන කුමාර ආරියදාස සිද්ධිය විස්තර කළේ මෙලෙසින්.

 

[MP3]s53305[/MP3]

 

මේ අතර, අලූත්ගම නගරයේ ඩිපෝ මංසන්ධිය අසළ ගාලූ පාරේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගත්තා. අද (13) අලූයම ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
443 Views
19,170 Views
10,966 Views
11,327 Views
28 Views
66,186 Views
Top