Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+04+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92.
Wednesday, 13 February 2013 - 13:03
ඇමති බදියුදීන්ට එරෙහි අතරමැදි පෙත්සම් 04 ක් ප්‍රතික්ෂේපයි.
4

Shares
510

Views

මන්නාරම, දිස්ත්‍රික් සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ට තර්ජනය කිරීම සහ අපහාස කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද (13) විභාගයට නොගෙන පසුවට කල්දමනු ලැබුවා. අභියාචනාධිකරණයේදී නඩුව විභාගයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා සඳහන් කර සිටියේ පෞද්ගලික හේතූන් මත තමන්ට මෙම නඩුව විභාගයට ගැනීමට නොහැකි බවයි. නමුත් රෝහිණි මාරසිංහ සහ දීපාලි විජේසුන්දර යන විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වැනිදා මෙම නඩුව විභාගයට ගැනෙන බවයි අධිකරණය දැනුම්දෙනු ලැබුවේ.

 

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයට මැදිහත්වීම සඳහා අවසර ඉල්ලා ගොනුකර තිබූ අතරමැදි පෙත්සම් 04 ක්ද අද (13) ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ, මෙතෙක් එම නඩුව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා විසින්. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අක්කරෙයිපත්තු නීතිඥ සංගම් ශාඛාව, කල්මුණේ නීතිඥ සංගම් ශාඛාව විසින් මෙම පෙත්සම් 04 ගොනුකර තිබුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
291 Views
19,001 Views
10,939 Views
11,285 Views
260 Views
66,012 Views
Top