ණය දීමටත් සූදානම්. - මූල්‍ය අරමුදල කියයි.

Wednesday, 13 February 2013 - 18:49

%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.++-+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ආනයන වියදම් අඩුකිරීම සහ බදු නිදහස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බදු ආදායම සියයට 11 කින් පමණ පහත වැටී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. දිවයිනට පැමිණ සිටින එම අරමුදලේ නියෝජිතයින් පිරිස යළි වොෂිංටනය බලා පිටත්ව යාමට පෙර මේ බව ප්‍රකාශ කළේ කොළඹදී අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින්. එහිදී අදහස් දැක්වූ එම දූත පිරිසේ ප්‍රධානී ජෝන් නෙල්මස් මාධ්‍ය හමුව ආරම්භ කළේ මෙරට ආර්ථිකයේ වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදුකරමින්.

[MP3]s53324_1[/MP3]

පසුගිය ජනවාරි 30 වැනිදා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස මෙරට රැඳී සිටි කාලය තුළ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර ඇතුලූ රජයේ ඉහළ පෙලේ නිලධාරීන් සමගද සාකච්ඡා කර තිබෙනවා. එහිදී නව ක්‍රමවේදයකට විදුලි සහ ඉන්ධන මිල ගණනය කළ යුතු බවට තමන් යෝජනා කළ බවයි දූත මණ්ඩල ප්‍රධානියා තවදුරටත් කියා සිටියේ.  

[MP3]s53324_2[/MP3]

ශ්‍රී ලංකාව යළි ජාත්‍යන්තර අරමුදලේ ණය වැඩසටහනකට යොමු නොවන බව මහබැංකුව ඊයේ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් මෙරටට පැමිණි එම අරමුදලේ නියෝජිත පිරිසේ ප්‍රධානී ජෝන් නෙල්මස් කියා සිටියේ යලි ණය වැඩසටහනකට යොමුවීමට ශ්‍රී ලංකා රජය කැමැත්ත පළ කළහොත් ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය දැක්වීමට සූදානම් බවයි.
 
[MP3]s53324_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories