Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 13 February 2013 - 18:50
පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පරිපාලන බලතුලන යෝජනාවක්.
14

Shares
1,686

Views

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා හොඳ සූදානමක සිටින බව දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා ප්‍රකාශ කළා. ඒ අද  යළි දිවයිනෙන් පිටත්ව යාමට පෙර සිය සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින්. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව තුළින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ප්‍රවණතා පිළිබඳව අධ්‍යයනය කිරීම සිය සංචාරයේ අරමුණ වූ බව ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව මැතිවරණ, මානව හිමිකම්, සංහිදියාව, අධිකරණ, මාධ්‍ය නිදහස, ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කළ බවයි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.
 
අධිකරණයේ ස්වාධීනත්වය වැඩිකරගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදීම පොදු රාජ්‍ය මණ්ඩලයේ අරමුණයි. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සංහිදියාවට පහසු මාර්ගයක්. ප්‍රධාන පරිපාලන ආයතන අතර බලතුලනයක් ඇති කිරීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගැනීම සිදුකළ හැකියි. එසේම පළාත් පාලන ආයතන තවදුරටත් ශක්තිමත් කර ගැනීමද ඒ සඳහා ඉවහල් වන බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

rn

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
291 Views
19,001 Views
10,939 Views
11,285 Views
260 Views
66,012 Views
Top