උ/මැ පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ ශ්වසන පද්ධතියටත් හානි.

Saturday, 23 February 2013 - 19:38

%E0%B6%8B%2F%E0%B6%B8%E0%B7%90+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය චන්ද්‍රකුමාර ද අල්විස්ට ඇසිඞ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා අවංකව සිය රාජකාරිය ඉටුකළ නිලධාරියෙකු බවයි.

[MP3]s53991_1[/MP3]

ඇසිඞ් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මෙම ඇසිඞ් ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ ස්වසන පද්ධතියට බලපෑමක් එල්ලවීමේ අවදානමක් මතුවී තිබෙනවා. එමෙන්ම, ආයුර්වේද කොමසාරිස්වරයාගේ ඇසේ පෙනීම සම්බන්ධයෙන් ද මේ දක්වා නිෂ්චිත සහතිකයක් ලබා දිය නොහැකි බවයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

[MP3]s53991_2[/MP3]

උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් චන්ද්‍රකුමාර ද අල්විස්ට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඇසිඞ් ප්‍රහාරය එල්ල කර පළාගොස් තිබුණේ අනුරාධපුර ආයුර්වේද රෝහල අසල පිහිටි ඔහුගේ නිල නිවසේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ.

කෙසේ වෙතත්, සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට නොගතහොත්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට ආයුර්වේද කොමසාරිස්වරුන්ගේ සංසඳය සහ රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories