මහා සිනමාවේදියා තවත් කඩඉමක් පසු කරයි.

Friday, 05 April 2013 - 19:15

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම සිනමා නිර්මාණකරුවා වන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 94 වන උපන් දිනය අදයි.

 

1919 දී උපන් ලෙස්ටර් 1956 දී රේඛාව නිර්මාණය කරමින් මෙරට සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කළා. 1950 දශකයේ දී ආසියාවට ද සිනමාවක් ඇතැයි ලෝකයට පෙන්නූ, රෂෝමොන් හැදූ ජපානයේ අකිරා කුරසෝවා, පාතෙර් පංචාලි හැදූ ඉන්දියාවේ සත්‍යජිත් රායි අතරට රේඛාව හැදූ අපේ ලෙස්ටර් ද අයත් වුණා.

 

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නව කතාව 1964 දී සිනමා කෘතියක් බවට පත් කළ ඔහු සිංහල චිත්‍රපටයක් පළමුවරට අන්තර් ජාතික සම්මානයට පාත්‍ර කළේ ඉන්දියානු සිනමා උළෙලේ දී රණමයුර සම්මානයෙන් පිදුම් ලබමින්.

 

[MP3]s56619[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories