Entertainment25 April 2013

වෙල්කම් බැක් අක්ෂේ ප්‍රතික්ෂේප කරයි.



සුපිරි නළු අක්ෂේ කුමාර්ගේ චිත්‍රපටයේ අන්තිමට එකතුවුණු තවත් චිත්‍රපටයක් තමයි වෙල්කම් චිත්‍රපටය. 2007 දී නිකුත්වුණ මේ චිත්‍රපටයේ දෙවැනි කොටසක් කරන්න නිෂ්පාදක ත්‍සරද භ්ාස්ාඅ්ක් ට හිතිලා. ඒකේ නම වෙල්කම් බැක්. හැබැයි මේ චිත්‍රපටයේ රඟපාන්න ලැබුණු ආරාධනාව නම් අක්ෂේ භාරගෙන නැහැ. හේතුව නිෂ්පාදකවරයත් එක්ක ඇතිවුණ ගැටුමක්ලූ.

ඒ කොහොම වුණත් වෙල්කම්බැක් වෙනුවෙන් දැන් වෙන නළුවෙක් තෝරා ගෙන. ඒ ජෝන් ඒබ්‍රහම්. අක්ෂේ කුමාර් ප්‍රතික්ෂේප කරපු මේ චිත්‍රපටයේ රඟපාන්න ජෝන් ඉල්ලලා තියෙන්නේ ලෙහෙසි පහසු ගාණක් නම් නෙවේ. ඉන්දියානු රුපියල් කෝටි 15 ක්.

Related recommendation
Hiru TV News | Programmes