Business03 May 2013

විශාලම බහාලූම් නැව්වලට කොළඹ වරාය සූදානම්.



ලොව විශාලතම බහාලූම් නෞකා පිළිගැනීමට කොළඹ වරයා දැන් පුළුල් වෙමින් පවතින බව වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම පවසනවා. කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර වරාය සමුළුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එවැනි විශාල නෞකා මෙම කලාපයේ සියලූ වරායන් වෙත ඇතුළත් කළ නොහැකි බවයි. සිංගප්පූරුව, ඩුබායි සහ කොළඹ යන කලාපීය වරායවලට පමණක් එම දැවැන්ත බහාලූම් නෞකා පැමිණෙනු ඇති. මෙලෙස බහාලූම් 16,000ක් රැගත් දැවැන්ත නෞකාවක් කොරියාවේ බූසාන් වරායෙන් කොළඹ බලා ගමන් අරඹා තිබෙනවා. බලශක්ති සංරක්ෂණය සහිත, පරිසර හිතකාමී බව වැඩිදියුණු කළ බහාලූම් 18,000 ක් රැගෙන යා හැකි නෞකා ද දැන් නිෂ්පාදනය කරමින් පවතින බවයි වරාය අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ. කොළඹ - දකුණ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මගින් මීටර් 400 ක් පමණ දිගැති දැවැන්ත බහාලූම් නෞකා ඇතුළු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes