Business03 May 2013

අර්තාපල් බද්ද රුපියල් 10කින් ඉහළට.

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සදහා වන බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකකට රුපියල් 15ක්ව පැවැති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 25 දක්වා වැඩි කළ බවයි. දේශීය අර්තාපල් ගොවියාට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලැබීම සහතික කිරීම එහි අරමුණ බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළා. දේශීය ගොවීන් වෙනුවෙන් මිරිස්, කව්පි, මුං ඇට, රට කජු සහ කුරක්කන් වැනි නිෂ්පාදන සදහා ද ඉහළ ආනයන බදු පවත්වාගෙන යන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

Related recommendation
Hiru TV News | Programmes